Friday 9 April 2021

Kenko1st Organic සමග ගොවි මහතෙක් - ඔහු සැබෑ වීරයෙක් !


කෙසෙල් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පලතුරක් සහ එලවලුවක් වේ.ශ්‍රී ලංකාවේ වැඩිවශයෙන් වගාකරන පලතුරු බෝගයද කෙසෙල් වේ.

පෝෂණ ගුණයෙන් ඉතාමත් ඉහළ පලතුරක්‌ ලෙසටත්, වෑංජනයක්‌ ලෙසටත් ප්‍රයෝජනයට ගන්නා කෙසෙල් කැනෙන් හටගන්නා කෙසෙල් මුවය ද රසවත් වෑංජනයක්‌ ලෙසට හෝ මැල්ලුමක්‌ ලෙසට හෝ පිළියෙල කරගත හැකි බවයි අපගේ ගොවිමහතා පවසන්නේ.

Kenko1st Organic සමග අපි සැමදා එක්ව සිටින අතර පාරිභෝගික ඔබට විශ්වාසයෙන් යුතුව අපගේ වසවිස නැති කාබනික කෙසෙල් ලබාගත හැකිය.

2008 වසරේ සිට “එතනල්” නමැති විස රසායනිකය යෙදූ කෙසෙල්, පැපොල් ඇතුළු පලතුරු ඉදවූ බවත් එම විස නිසා පිළිකා රෝගය ඇතුළු රෝගවලට ජනතාව ගොදුරු වී ඇති බව වාර්තා වේ. 

කෙසෙල් ඉක්මණින් ම ඉදවීම සඳහා වෙළෙඳුන් මෙන් ම කෙසෙල් වගාකරුවන් ද මෙම වස විස යෙදීමට හුරුව සිටින නිසා ජාතියේ හා මනුෂ්‍යත්වයේ නාමෙන් මිනිසුන් මරා දමන මේ අපරාධය දැන්වත් නතර කිරීමට දායකවන වන ලෙස අපගේ ගොවිමහතා සියලු ජනතාවගෙන්ම ඉල්ලා සිටියේය.

No comments:

Post a Comment